සංසාර සිහිනයේ | Sansara Sihinaye by Chamika Sirimanna [2019]

Sinhala song lyrics with music notes illustration

සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි
මං ඔබට ආදරෙයි මගෙ ආදරේ නුඹයි

නා මලක් වගේ සිතුම් සෙනෙහසින් පිරේ
ආදරෙන් අරන් ඇවිත් තුරුළු වන්නෙමි
සඳපාන ඔබ වැනී නිල් අහසේ නැලවුණී
මගෙ නෙත්පුරා ගැලූ අනන්ත සතුට නිම් නැතී

සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි
මං ඔබට ආදරෙයි මගෙ ආදරේ නුඹයි

මා ඔබෙන් පැතූ පැතුම් ආදරෙන් ගෙනා
රෝස මල් යහන් ගැබේ සිහින තාරුකා
මනමාල සිත පුරා දඟකාරකම තියා
ඔබ මා ලඟින්ම නතරවෙන්න ආදරෙයි කියා

සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි
මං ඔබට ආදරෙයි මගෙ ආදරේ නුඹයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply