හිතවන්තී | Hithawanthi by Dhyan Hewage & Pasan Liyanage

Sinhala song lyrics with music notes illustration

සිත් මානෙ ගෑවී ඇවිත්
මල් යාය පාවී ගිහින්
බොඳ වීද ඒ රූ සොවින්
මත් වීද ඒ පෙම් බිඟුන්

නීල නෙතු මානේ සිනා පෑ ලවන්
කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන්

හීන හිත දවනා
මගේ ලඟ අදරේ සොයනා
එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී

කිරිකෝඩු හීනේ ලඟින්
සැතපෙන්න රහසේ හෙමින්
සැනසෙන්න ආයේ ඉතින්
නුඹ ඉන්නවාදෝ කියන්

නීල නෙතු මානේ සිනා පෑ ලවන්..

හීන හිත දවනා
මගේ ලඟ අදරේ සොයනා
එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී

තාම ඒ සඳ නොබිඳී
ලඟ පාත ඉඳ තනි රකිමී
තුන් යාමයේ නිදි වරමී නුඹ හා

නීල නෙතු මානේ සිනා පෑ ලවන්…

හීන හිත දවනා
මගේ ලඟ අදරේ සොයනා
එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී

written by Dhyan Hewage

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply