හුරුපුරුදු හීනේ | Hurupurudu Heene by Isuru Withanage [2017]

දගකාර ඔය දෑස
සගවා හොරෙන්
හුරුපුරුදු හීනේ මගේ…
පිණි වැටුනු රතු රෝස
අහුරක් අරන්
සිපගත්තා වාගේ දැනේ…

තුන් යම පුරා
තුරුලට වෙලා
හැගුමන් ගලා
දෝරේ ගියා…
නොනිදාම මුළු රෑම
සිහිනේ පවා…
කවදාද මගේ වෙන්නෙ
හිත අහනවා…

නෑ තවත් දන්නේ
ආදරේ තරම්
නොදැනී ඔයා මාගේ
හුස්මම වෙලා…

අතිනත අරන්
සසරේ පුරා…
පෙරුමන් පුරා…
ඉමු දිවි තුරා…
පිණි සීත
දැවටිච්ච යහනේ සදා…
ඔබ එක්ක තනි වෙන්නේ
කවදාද මා…

හරි ආදරෙන් නුඹව
රැක ගනිමි මං…
ඔවසුම් නොවේ හිත දැන්
ඔබ එන තුරා…

දගකාර ඔය දෑස
සගවා හොරෙන්
හුරුපුරුදු හීනේ මගේ…
පිණි වැටුනු රතු රෝස
අහුරක් අරන්
සිපගත්තා වාගේ දැනේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *