හුස්මක් පවා දැනෙන මේ රාත්රියේ
කොඳුරා කියාදෙන්න මට ආදරේ
දුල් නෙත් විදාලා රහසින් බලාලා
ඉමු ළං වෙලා මේ රෑ පුරා
පිනි මල් කඩා හැලෙන රෑ සීතලේ
මුමුණා කියා දෙන්න මට ආදරේ
දෙහදක් බැඳීලා සුසුමින් තෙමීලා
පෙම විඳිනවා රතු ලේ පවා
අඳුරේ පවා පේන තරු නෙත් දිහා
නොසැලී බලා ඉන්න හිතුනා සදා
හැඟුමන් වෙලී උන්නු සුසුමන් පවා
තුරුලේ තියාගනිමි මගේමයි කියා
ඔබේ ආදරෙන් මගේ ජීවිතේ
මුසපත් වෙලා කඳුලක් වුනා
හුස්මක් පවා දැනෙන මේ රාත්රියේ
කොඳුරා කියාදෙන්න මට ආදරේ
දුල් නෙත් විදාලා රහසින් බලාලා
ඉමු ළං වෙලා මේ රෑ පුරා
පිනි මල් කඩා හැලෙන රෑ සීතලේ
මුමුණා කියා දෙන්න මට ආදරේ
දෙහදක් බැඳීලා සුසුමින් තෙමීලා
පෙම විඳිනවා රතු ලේ පවා
හසකැන් මවා ඉන්න කෙහෙරැල් ලිහා
නුඹටයි මගේ හීන දෙන්නේ ලියා
පපුවේ නිදා උන්න මොහොතක් පවා
දැනුනා ළයේ ගැඹුරු සනසා තියා
මේ ආත්මයෙත් මතු ආත්මයෙත්
ඉමු ළං වෙලා මියෙනා තුරා
written by Shehan Galahitiyawa
Song Summary
A deeply romantic song that captures an intimate night where love is whispered, felt, and shared through closeness, warmth, and emotional connection.
Song Meaning
This song expresses a tender moment between two lovers in the stillness of the night, where even a single breath can be felt. Love is not spoken loudly but whispered softly, conveyed through glances, sighs, and closeness. The cold night, falling dew, and quiet darkness create a serene backdrop for emotional and physical intimacy.
The lyrics emphasize how love binds two hearts together, soaking them in shared feelings so deep that they reach the blood itself. Stars shining in the darkness symbolize hope and certainty, while the desire to stay close forever reflects timeless devotion.
Ultimately, the song speaks of love as comfort, fulfillment, and surrender—something the singer wishes to carry through this life and the next, staying close until the very end.