ඉල්ලාවී මේ දෑස | Illawi Me Dasa by Sudamm Dinesh ft. Yashara

Sinhala song lyrics with music notes illustration

සාගරේ වාගෙ වූ ආදරේ හිතේ දරන්
මේ හිතේ නැවතිලා නුඹ සදා ලැඟුම් අරන්

හිත් කොනේ නලියනා
හීනයේ නැලවෙනා
හිතුමතේ ලංවෙනා
සැනසුම විඳිනා

ඉල්ලාවී මේ දෑසම
පපුතුරේ උණුහුම
මේ ආදරේ හිමිකම
විඳගමූ සංසාරෙම

දෙකොපුලේ වෑහෙනා සිනහවේ පුරා පිරී
විසිරෙනා සෙනෙහසේ සුව පවා හොඳින් දැනී

නිදහසේ දඟකලේ
ජීවිතේ නුඹමනේ
දැවටෙනා හැමවෙලේ
සිතුවිලි නිවුනේ

ඉල්ලාවී මේ දෑසම
පපුතුරේ උණුහුම
මේ ආදරේ හිමිකම
විඳගමූ සංසාරෙම

සසැලුනේ හිත මගේ නුඹ නිසාම හුරතලී
හදවතේ හැමදිනේ නුඹ හිඳීවි ගැස්ම වී

අම්බරේ සඳ වගේ
නැවතිලා ඉඟිකලේ
සසැලෙනා හදවතේ
ගැස්මන් අතරේ

ඉල්ලාවී මේ දෑසම
පපුතුරේ උණුහුම
මේ ආදරේ හිමිකම
විඳගමූ සංසාරෙම

written by Namal Jayasingha

illawi me dasa , illawi me dasama , illawi me dasama song , Sudamm Dinesh , illawi me dasa lyrics

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply