ජේසුනි මේ ඔබද | Jesuni Me Obada by Rookantha Gunathilaka

Sinhala song lyrics with music notes illustration

හිමිදිරි යාමේ පිනිකැට දිලිසෙනවා
සමිඳුගේ මුහුණේ හසරැල් මතුවෙනවා
ආදරේ නමින් ජිවිතේ පුදා
එදත් අදත් හෙටත් හිනාවෙලා

ජේසුනි මේ ඔබද
ජේසුනි මා ඔබේද
කියන්න ජේසුනි කියන්න ජේසුනි
කියන්න ජේසුනි මා ඔබේද

ගිනි මද්ධහනේ තණපත් මැලවෙනවා
දසදහසක් පව් මාගෙන් සිදුවෙනවා
ආදරේ නමින් පව් කමා වෙලා
රත්තරන් හදක් මටත් දෙන්න

ජේසුනි මේ ඔබද
ජේසුනි මා ඔබේද
කියන්න ජේසුනි කියන්න ජේසුනි
කියන්න ජේසුනි මා ඔබේද

නිසසල රැයෙහි ඔබව මතක් වෙනවා
කළ පව් සිහිවී මගේ හිත කකියනවා
ආදරේ නමින් සුසුම් මකා මගේ
ආදරේ මටත් කියාදෙන්න

ජේසුනි මේ ඔබද
ජේසුනි මා ඔබේද
කියන්න ජේසුනි කියන්න ජේසුනි
කියන්න ජේසුනි මා ඔබේද

කියන්න ජේසුනි කියන්න ජේසුනි
කියන්න ජේසුනි මා ඔබේද

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply