කලකට පස්සෙ | Kalakata Passe by Rookantha Gunathilaka

Sinhala song lyrics with music notes illustration

කලකට පස්සෙ ඔබ අමතන්නෙ මිතුරී
පුදුම හිතන්නත් එපා මගේ සොඳුරී
ඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපා
ඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා

පහුගිය දවසක මගෙ ජීවිත උයනේ
ඉඳහිට පිපෙනා සුවඳ විහිදෙනා
රුවැති මලක් පිපුණා
ඒ මල් සුවඳින් ප්‍රාර්ථනා නැහැවී
මුළු ජීවිතයම මල් සුවඳයි

ලැබුවේ කොහෙන්ද සුර මල් ලොවෙන්ද
තව හොඳ හොඳ මල් තව තව තියේද
ඒවා අහන්නෙපා සොයලා බලන්නෙපා

ඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපා
ඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා

සිහිනේ තවමත් පෙණෙනවා
සවනේ මුමුණා ඇසෙනවා
සුළඟේ සුවඳක් දැණෙනවා
දිවියේ රොන් රස තියෙනවා

ඔබ හමු නොවුණා කියලා තරහා වෙන්නෙපා
ඔබ ඇමතුවෙ නෑ කියලා අමනාප වෙන්නෙපා
ඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපා
ඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා

මට ඔබ හිමි නෑ කියලා තරහා වෙන්නෙපා
මම ඔබ ළඟ නෑ කියලා අමනාප වෙන්නෙපා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply