in Rookantha Gunathilaka

කඳුලේ තනිවී | Kandule Thani Wee by Rookantha Gunathilaka

කඳුලේ තනිවී
සුසුමේ දැවටී
කවුදෝ හැඬුවා
රහසින් ඇසුණා
ඇයිදෝ තනිවී
අඳුරේ මැදිවී
කවුදෝ ඇසුවා
රහසින් අමතා

සඳපානේ රෑ යාමේ
සඳකැල්මක් සේ
ආලෝකේ පෑවාදෝ
ඔබ ළංවීලා
සැනසී මේ ආලෝකේ
සඳ කැල්මක් සේ
පෑවා පෑවා
පෑවා පෑවා

කඳුලේ තනිවී
සුසුමේ දැවටී
කවුදෝ හැඬුවා
රහසින් ඇසුණා
ඇයිදෝ තනිවී
අඳුරේ මැදිවී
කවුදෝ ඇසුවා
රහසින් අමතා

මල් යායේ ගී රාවේ
මත් බඹරුන්ගේ
මේ යාමේ පාවේවී
රැව් නැංවීලා
නොඇසූ ඒ ගී රාවේ
රස රහසක් සේ
පාවී ආවා
පාවී ආවා

කඳුලේ තනිවී
සුසුමේ දැවටී
කවුදෝ හැඬුවා
රහසින් ඇසුණා
ඇයිදෝ තනිවී
අඳුරේ මැදිවී
කවුදෝ ඇසුවා
රහසින් අමතා

banner

Leave a Reply