කහ කුඩේ | Kaha Kude by Sanjeew Lonliyes [2023]

Sinhala song lyrics with music notes illustration

තාත්තගෙ ගිනිදියට ගෙපැළ යට වෙලා
අවසානේ සොහොන් ගෙය නවාතැන උනා
පූරුවේ පව් මේවා සසරෙ අපි ගෙනා
පොල්ගහම තාත්තට ගොක් කොළෙත් උනා

ඉරණමට අම්මටයි මටයි මේ අත්වූ
දැක නමුත් හැරගියා ගොඩක් බෝසත්තු
කඳුළු මල්වඩම් නෑ දුක බෙදාගත්තූ
තනිවෙච්ච කෙනෙරටයි ලංවුනෙත් ඇත්තු

පන්සලේ පොල්වත්තේ මැටිගහපු පැල
එදාසිට වී අපේ නවාතැන්පල
තේරුමක් දන්නෙනැති කතන්දරවල
අරුත පහදන් අම්මේ කොතැනකද මුල

තාම මන් හොයනවා කරුණාවෙ හැඩේ
අතරමන් වෙනවාමද ගුරුවරුත් නඬේ
නෙළුම්මල් ආස ඇයි රැඳෙන්නම මඩේ
අම්මෙ ගෙයි කාගෙ මේ කහපාට කුඩේ

තාත්තගෙ ගිනිදියට ගෙපැළ යට වෙලා
අවසානේ සොහොන් ගෙය නවාතැන උනා
පූරුවේ පව් මේවා සසරෙ අපි ගෙනා
පොල්ගහම තාත්තට ගොක් කොළෙත් උනා

written by Aththadiya Pungyarathna Thero

sanjeewlonliyes,sanjeewalonliyes,sanjeevlonliyes,sanjeewlonliyessjs,sanjeevlonliyas,sanjeevloniyas,sanjeewnewsong,sanjeewamusong,sanjeev,srilankanartists,religious,paharadenawewalata,paharadenawewalarathnasri,paharadenawewala_rathnasri,sirasa,newsinhalasong,yakadamanamali,religiousthink,rathnasrisongs,sirasabima,rathnasriwijesingha,thaththageginidiyata,srilankanamumusicculture,kalevaddageyakadamanamali,#kahapaatakudee,sirasabimavatuna,raggae,kale_vaddage_yakada_manamaalii,kahakude,thinking

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply