ඔහොම පපුව | Ohoma Papuwa by Sanjeew Lonliyes [2023]

Sinhala song lyrics with music notes illustration

කූඩුවක් හදමු අපි හැමදාම නෑ කළුවර
ප්‍රශ්න ඵන තරමටනෙ ජීවිතේ ලස්සන

බණ පොතක් වගෙයි කරගැට පිරුණු අත් දෙක
මට මාව පෙන්නන්නෙ බොර පාට ඇස් දෙක

වහන්නට එපා කිසිදාක උඩ බොත්තම
ඔහොම පපුවක් දකින්ඩ ඕනෙ ඔක්කොම

රන්මාල හරි බරයි ගලවලා සෙස්සම
සැහැල්ලුව පෙරා ගමි ඇට මාල අස්සෙම

රස්තියාදුයි තමයි, අපිළිවෙළ ලස්සන
දිනය දුර නෑ නේද ඇවිත් මා උස්සන

මැරෙන කල් ඉමු මෙහෙම, ප්‍රේමයක් එච්චර
ඇත්තමයි මං ආදරේ විඳල නෑ මෙච්චර…..”

ඇත්තමයි මං ආදරේ විඳල නෑ මෙච්චර
තව ගොඩක් දේ එයා කිව්වා
පිළිකාව එන්න ඉස්සර

written by Sanjeew Lonliyes

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply