පිටකවරේ අමු | Pitakaware Amu Sinduwa by Sanjeew Lonliyes

Sinhala song lyrics with music notes illustration

කණ විදලා කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අව්වේ
හිල් බාටා ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේ
පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිවුවේ
පොලොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ

පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා
නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා
ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා

මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා //

සඳ මතින් ඇවිද ගිය වි⁣ටෙකදී ඉඳුවර නෙතු අතරේ
කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ
වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ
මලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ

දඬු මොණර පිටින් ඉඟිලිලා යන යකඩ හීන මළුවේ
මල් පිපෙන වාර බෝමැයි සිත් කැනබි සුවඳ ගැලුවේ
උන් හිතට අපේ ඈත ඉඳන් මිතුරු සිනා හෙලුවේ

අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ ///

written by Aththadiya Pungyarathna Thero

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply