කළුවරට හිත බය | Kaluwarata Hitha Baya Hinda by Raini Charuka

Sinhala song lyrics with music notes illustration

කළුවරට හිත බය හින්දා …
ඔය පපුවෙ උණුහුම වින්දා …
ඇස් බැන්දු රෑ හීන පෙන්නා …
නුඹ මාව තුරුලටම ගත්තා …

නිකලැල් සිහින යායෙ…හසරැල් මෝදු වුයේ
ලැගුම් ගන්න මේ හදවතේ …
කඳුළැල් සිඳෙන හීනේ…මාගෙ නොවෙන දෑසේ
අන්දුරකද මං නැවතුනේ…

දැනෙනවානම් … ඉන්නවානම් …
සුහද පිළිගන්න මේ ආදරේ
හිතෙනවානම් … පෙනෙනවානම් …
අපට දුර යන්න හැකි ප්‍රේමයේ …

නොදැනෙන දුරක නුඹ ළඟ
ආදරෙන් ආව …
නොසිතෙනා ලෙසට එක් වුන
ආදරේ සුව දෙන …

නිකලැල් සිහින යායෙ…හසරැල් මෝදු වුයේ
ලැගුම් ගන්න මේ හදවතේ
කඳුළැල් සිඳෙන හීනේ… මාගෙන් නොයන දෑසේ
අන්දුරකද මං නැවතුනේ…

දැනෙනවානම් … ඉන්නවානම් …
සුහද පිළිගන්න මේ ආදරේ
හිතෙනවානම් … පෙනෙනවානම් …
අපට දුර යන්න හැකි ප්‍රේමයේ …

විසිරෙනා සිහින එක් කොට
මාලිගා තැනුව…
අපි නමින් අන්ද සිතුවම
මතකයකි හැම දින …

දැනෙනවානම් … ඉන්නවානම් …
සුහද පිළිගන්න මේ ආදරේ
හිතෙනවානම් … පෙනෙනවානම් …
අපට දුර යන්න හැකි ප්‍රේමයේ

දැනෙනවානම් … ඉන්නවානම් …
සුහද පිළිගන්න මේ ආදරේ
හිතෙනවානම් … පෙනෙනවානම් …
අපට දුර යන්න හැකි ප්‍රේමයේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply