කම්පන | Kampana by Ramesses Reezy [2024]

Sinhala song lyrics with music notes illustration

තාමත් මතකයි ලියන්න ගත්ත දවස මං රැප් පොතේ
මගේ ගමන යන්න කවදාවත් නෑ හිත ගැස්සුනේ
දුම අදින කොල්ලො ටිකලු පිටියට රැස්වූනේ
රැප කියවති ගානට වටේඋන්ගේ

ගැස්සුණේ ඔළු – ගැස්ම නෑ බොරු
පතුලේ ඉඳන් උඩට එන එකයි ලොකු
දුර බැලිය යුතුය අදින්න පෙර කොටු
සමීකරණයකි හැමෝටම පොදු
ලියන තරමටම පෑන අතට හුරු
මටනම් මේ පිටිය නොවේ නුපුරුදු
දෙයක් කියවපන් දැනන් තොරතුරු
සිංහයො වගේ හිටන් ගාන්නේ පුරු පුරු

වැඩි නෑ මං ගතාවට
මං කරනදේ කරයි කලාවට
මේක අකුණ කළු ඝන වලාවක
තොපි වගේ කොටු නෑ මං එක රටාවක
උබ හොයන්නෙ අපායට පාරද
අපි ඇවිද්දෙත් භයානක පාරක
යන ගමනට නෑ මට වාරණ

නෑ වැඩ බාගෙට
ඈරෙවි ද්වාරය
දැන් හරි කාලය
ගහපු ගේම දන්නෙ රවුම ටිකයි
ගොත පැටව් ගොඩක් දේවල් ලියයි
බලන් උන්නා වගේ දේවල් කියයි
මොකෙක් හරි මගේ කනෙන් තියයි

මංනං නෑ බං කාටත් ආන් බාන්
වදන් ගොඩක් බරයි රාත්තාල්
තෙරෙන් නැත්තං ආයෙත් අහපන්
මේ තලේන් ගොඩක් කුඩායි පාදා
හීන දැක්කේ ලොකුවටයි එදා පටන්
වීඊර්ය මැව්වේ යන්නයි උඩුගං බලන්
කල් ගියත් වටිනවා බං රත්තරං
මං පටන් ගත්තේය සෙල්ලම රත්කරන්

ගෙවිලා කාලය ගොඩ ඇවිත් මඩෙන්
මේක කරන්න තමයි ආවේ එක බඩේන්
නම කිව්වට ලොකු නෑ එක පා***
ඔඩුක්කුවේ ඉඳන් නාගනින් කලෙන්
කියනවට වඩා කියාවමයි වැදගත්
ගැලපීමක් නෑ මුගේ අග මුල මැඩවත්
තොපිට වඩා හු*** මගේ කෝමත් කැටයම්
අනුන්ගේ රාජකාරි නොදැක උඩ නැගපන්

මේ වදන් කාට කාටත් ගොඩ ඒන්න පිණිසයි
තමාට තමා තමයි හොයාගන්නේ ඉගිගහයි
අඬු කපන හැත්ත කොහොමත් එකේ හිකි ගායි
ගමන යද්දි වැදගත් ම වෙන්නේ සිහියයි

නිමිලායි ඉන්නේ හිතින්
දිනලායි නවතින්නේ ඉතින්
විරලායි මේවා දාන් ගැඹුරායි
අරුතාත් ඇවිලෙයි ගිණි
කව්රුත් කියනවා වගේ නෑ බොරුවයි පිටින්
නරියෙක් කිව්වලු තිත්තයි මිදිත්
සිරිතුත් හරි මට විරිතිත් හරි
හැබැයි රාමුවෙන් එළියට යනවමයි ඉතින්

මම කියෙව්වේ නෑ නේ මම කාගේ කව්ද
පෙන්නන්නම් තොපිට මම කාගේ කව්ද
තොපිලා ගෙවන්නේ මේ කාගේ පව්ද
අතීතෙට වඩා මගේ වර්ථාමානේ ප්‍රෞඪ
හා
ආරම්බේ ඉඳන් ගිහින් කාලවර්සේ
කළු සුදු හීන වෙලාගෙන පාට වර්ණ
අද
වැටෙන අඳූර වලා කදම්බ
ඇස් අරගත්තොත් වැටහීම නාව ධර්ම
හැඩ සාර ධර්ම ගෑවිලාවත් නැති උන් ම

ඇයි බං ඇවිත් බන කියන
උන්ගේ පාර උන්ව දන්නෙ නෑලු හු***
මුන්ට එනවා බාර කියන්න
මංනන් පතාගෙනයි ආවේ දිනන්න
මේ වදන් බෑ වෙන කාටත් ලියන්න
පාරට කලින්
“කැ”යන්න
“රි”යන්න
තමයි අවසානේදි වෙන්නේ කියන්න

මං කොහොමත් ආසි
දැන් කාල වාසි
එක තැන කොටුවූනොත් ඇති බැඳෙයි පාසි
ඒකෙන් ගැලවිලා යන්නේ මගේ මුළු සමාධියම
උඹේ කතාවනන් පරණයි
උඹේ ආයාගාමී
හැසිරෙන්නේ නෑ යාළු මං කාලකාමී

බැහැ දියන් ආකාලේ සල්ලි යන කාරණාවෙන්
පාර හොයාගනින් හදවතේ මාලිමාවෙන්
මං පහළ ඉන්නේ නෑ මෙහෙ ප්‍රාතිහාරෙන්
දෙන්න දෙන්න තමයි යාළු එන්නේ
දෙන්න දේම තමා ආ එන්නේ
ධර්මතාව නෑලු වෙනස් වෙන්නේ
ඒකෙන් මේකෙන් කර්මේ තමා ගෙවන්නේ
නොම්බර එකට කැරකේ එක පිම්මෙන්
හරි තැන බලලයි අල්ලන්නේ මම නිල්ලෙන්
දඩයම් කරන්නේ ඇහැරුණාම නින්දෙන්
සීතලත් හුරු ඩො ඉපදුණාට ගින්නෙන්

written by  Ramesses Reezy

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply