Sinhala song lyrics with music notes illustration

ලේසි නෑ Shorty!
කොළොම්පුර Homie!
මේ වදන් දෙන්නේ රත් වෙන්න කන් Brodie!
Ya’ll Better Run Homie!
Real වැඩි Sorry!
සිරා සිද්දි මේවා කියවන්නෑ පම්පෝරි

SÌ…
අපි වගේ වෙන්න හිතන්නේපා
SÌ…
කොළොම්පුර අංක එක..//

සාදරෙන් පිලිගමි නාඳුන පුරයට
ලේ වල බවයකි රාවණ කුලයක
රාමුවකට කොටු නෑ මේ කුලකය
රිසි වෙලාවට අතින් ගැස්සෙන්නේ පුරනය
අපි තමයි කරවන්නේ හරි උන් ගුණනය
බොරුවට දඟලන උන් හරි සුලභය
අපි වගේ උන් මේ ලෝකෙට දුලභය
දාසයක් මදි මට පාර කියන්න
ඉපදුන්නෑ අපි කාලා බීලා දිරන්න
මොනාද මේ උබලගේ තර්ක විතර්ක?
ඇස් ඇරපන් දැන් කීපාරක් කියන්නද?
ඇයි කුණු හාරන්නේ අපහාස කරන්නද?
කුඩ්ඩෝ නෙවෙයි වැඩ්ඩෝ දාලා නෑ යන්තර!
සිහිය නිරන්තර, යෝගික තන්ත්‍රය
අහගනින් මං ගැන, නෑ බොරු රංගන
සෙල්ලමේ උඩින් එකෙක් නම රන්දන
යන්නෑ මං පස්සට බොරු රැස් අද්දන
එකෙක්ටවත් බෑලු මාව නවත්තන්න
පංචායුධ මං,හතුරන් තුරන්
අමුවෙන් වදන් මරණ තරම්
මේක කරන්න ආවේ මම පතන්
මැද්දට පැන්නොතින් Grrrrattatatatata!!!

SÌ…
අපි වගේ වෙන්න හිතන්නේපා
SÌ…
කොළොම්පුර අංක එක..//

කියවන්නේ දර්ශනේ නොතේරෙන මන්ත්‍රා
ගති මහා පිරිපුන් සැහැල්ලු මා යාත්‍රා
මගේ හරි වෙලාවට සිහියෙන් අධිමාත්‍රා
උබලට මෝල් වෙන්න මං තමයි viagra
ලියවෙන්නේ නෑ බොරු අතිශෝක්ත මාලා
අසිපත සියත දරයී මගේ දනී ප්‍රාණා
සවන් දීපන් හරියට කියවන ගාථා
Know that i’m a prodigy figli di p*ttana
මං වපුරන තරමට ලැබෙන්නේ ආස දේවල්
තැකීමට හුරු නැත මානසික කේවල්
හිනා මුංගේ දකිද්දි මට ගෝත වැඩ මෙවන්
මං මෙකේ මුල ඉඳන් එන්නේ ගෙනත් වෙන සිහියවල්
කාටවත් බැ ඩෝ කරන්න මා වලකා
මං යන්නේ බං එ නොදුටු ඒ මානේ පා රකා
සක්වල ගති බං මං ඉන්නෙ හොඳහින් වටහා
ඒකයි රාමුවෙන්ම පිට යන්නේ මා කලඹා

ලේසි නෑ Shorty!
කොළොම්පුර Homie!
මේ වදන් දෙන්නේ රත් වෙන්න කන් Brodie!
Ya’ll Better Run Homie!
Real වැඩි Sorry!
සිරා සිද්දි මේවා කියවන්නෑ පම්පෝරි

SÌ…
අපි වගේ වෙන්න හිතන්නේපා
SÌ…
කොළොම්පුර අංක එක..//

written by Reezy & AKIIY

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply