මනමාල මහතා | Manamala Mahatha by DJ JNK x Moniyo [2024]

Sinhala song lyrics with music notes illustration

එම්බල මනමාල මහත ‍, අදින් පස්සේ උඹ අවසානයි
මින් මත්තෙන් ‍,හොඳ කෑමක් කන්න වෙන්නෑ රහට
නොයෙකුත් බැනුම් මැද ‍, ඉන්න වෙන්නේ ඉවසාලයි
වැඩ ඇරුනං පාටි බෑ දැං ‍,ගෙදර වරෙන් පහට

ප්‍රේමේ කල කාලේ හමාරයි හැන්දෑවේ ‍,හැංගී කලුවරේ‍,
අද පිරිවරං හිතමිත්‍ර ‍,නෑදෑ සනුහරේ
දෑවැද්දේ ඇඳුම් රැක් එකක් තියෙද‍, මූ ඇදුම් දැම්මේ දොරේ
උඹ පොඩි කොල්ලෙක් නෙමෙයි, දැන් හෙන වගකීමක් කරේ

බැන්ද මුල කාලේ ප්‍රේමේ අරං‍ , පස්සෙදි යමවරම්
කල් ගියං උඩින් ඇදෙයි ‍, දොරේ දාපු උඹෙ සරං
රැදෙන්නෙපා ready වෙයන් ‍, හුරු පයෙන් සරම අරං
දුවපං ක්ෂනිකෝම ‍, සුසන්තිකා වරම අරං

ලස්සන කෙල්ලෙක් ගියොත් ඉතිං ‍, බලන්නෑ මූ ඒ පැති‍
කියලා මනමාලි ‍, තාමත් හිතන් ඇති
නෑ මන් දැන් කියන්නෑ ‍, දැන් කිව්ව දේවල් ඇති
තවත් දේවල් කිව්වොත් ‍, බයේ වැටෙයි මූට හති

උඹයි මමයි බෙදන් කෑවේ ‍, එක පතේ එක කෙහෙල් කොලේ‍
අදින් පස්සේ අඩුවෙයිද ‍, අපේ ආතල් නාපු ඇලේ දොලේ
ඔව් උඹ සාධාරණයි ‍, වගකීමෙන් බර වේවි මොලේ
කිරි පිරි සීනි පරිප්පු හොයන්න ‍, උඹ යාවි පොළේ

කියපං ඇත්ත ‍, බොරු තියන්නෙපා හංගලා
බලන්නෙපා දිහා වෙන‍ , බාලිකාවන් නංගලා
රන් තැලි බැඳ ‍, රනින් මුදුවක් පලන්දලා
සතුට උතුරෝපං ‍, දුකක් තියපං හංගලා

කසාදේ ලියවිල්ලක් ‍, පුර්ෂ කට පියවිල්ලක්
Full package එක එන්නේ ‍, life time කියවිල්ලක්
ඔවු එක ඇලපිල්ලක් ‍, එහා මෙහා වුනොත් වෙන්නේ වැලපිල්ලක්
ආරම්භෙ නැලවිල්ලක් ‍, පස්සේ පපු කැළබිල්ලක්

ලොරි පිටින් මේස පුටු අල්මාරි ‍, දෑවැද්ද පිරිවරං
උඹ ඉල්ලුවොතින් මස්සිනා දෙයි ‍, අහසේ වුනත් තරු අරං
උගේ ගෙදරම පාලු වේවි ‍, ඉවසන්න බැරි තරම්
ගෙදර රන්ඩු කෙක්ක ‍, යනෝ නේද උඹ අරං

සුරංගනා, ස්වරූපෙන් ගෙනා… //

උබ නොදනීද තනි යහනේ නැත සහනේ,
නාකි වෙලා බැන්දොත් සැප නැතේ අඩපන වේ
ජීවිතේ කෙටි හරි කාලේ නැබන්දොතින් ට්‍රැක් පනී
දුක සැප බෙදාගන්න කෙනා හරි හැටි දනී

තුන් වේල…. කන්න දෙන්නේ සමූපකාර ක්‍රමේටනේ නනාවිද කෑම,
සෙල්ලක්කාරයි තාම, කොලු කාලේ ගෙවෙනවා එලෙසෙම සන්තෝසෙන් ඉන්නේ හැමදාම

දනී හරි ප්‍රමාණේ කෑමට තුනපහ ගාණකට,
කන බොන දේවල් ගනන් ගන්නෑ සත පහකට,
නසරානි අවවාද ගන්නෑ කනකට,
බාල කාලේ සිට හදාගත්තේ එක ගාණකට!

ගෑණුන්ගේ කේන්ති වගේ සෝඩා බොතලේ,
පැටලුනාට උදේ වෙද්දී රත් වෙනවා කේතලේ,
මෙහෙට්ට ගනින් බෝතලේ,
හෙට වෙනකන් පාටි දැම්මත් දෙන්නේ නෑ කරච්චලේ,
නෑ බැන්ද බව පසක් කලේ!

උබයි මමයි බෙදන් කනවා එදා මෙන්ම අදත් කෙහෙල්
කොලේ,
නානව ඇලේ දොලේ, නැතිනම් මඩ උන වෙලේ,
පොඩි කාලේ ඉදානම ඉන්න උන් එක පිලේ,
මැරි ඉපදුනත් අමතක නොවෙයි මගේ මලේ!

රත්තරන් කෙල්ලෙක් එක්ක මක්කටෙයි බන් දෑවැදි
හොයාගන්න අමාරුම මස්සිනෙක්‍ මේ මාවැනි,
ලස්සනම නංගලා දැක්කත් හිතට නොකාවදී,
ඉන්නේ එක කෙල්ලයි වැනි වීරයෙක් සිනමාවෙදි!

ලා බාල කාලේ ඉදන් අම්මලාගේ උකුලේ,
මා උනා බාල කොල්ලා කෙල්ලෝ තුනක් ඇතුලේ,
රජෙක් වගේ බලා ගත්තේ තියන් හිස මුදුනේ,
ඒ ආදරේ නම් වෙනසක් නෑ පස්සේ උනත් මගුලේ!

නාකි වෙලා ආතල් දාන්න හිතා ගන්න එපා!
තරුණ කාලේ විදපල්ලා ජීවිතේ සැරට!

මේ කොල්ලෝ කෙල්ලෝ කාලේ,
වැනි වැනි ආතල් එකේ ඉන්න ඕනේ,
නැතිනම් නාකි වෙලා තමා රාලේ,
බරගාසේ,
මරගාතේ දාන්න ඕනේ!
අද කාලේ,
වැනි වැනි ආතල් එකේ ඉන්න ඕනේ,
නැතිනම් නාකි වෙලා තමා රාලේ,
බරගාසේ,
මරගාතේ දාන්න ඕනේ!

සුරංගනා, ස්වරූපෙන් ගෙනා… //

written by Moniyo

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply