කෙල්ලෙ | Kelle by Lil Ravixx & Eazy Wrld [2021]

Sinhala song lyrics with music notes illustration

දිලිසෙන්නෙ වගේ
ඇස් මුතු
ඔයා තමා හීන කෙල්ලා
මම පැතූ

උපදින භවයක මතු
මගේ වෙලා ඉන්න කෙල්ලෙ
නොවී අන්සතු

මිතුරන් සේ හමුවෙලා
අද හතුරන් සේ අපි
වෙන්වුනා

ආදරේ මම මත් වුනා
මැව්වා හීන මාළිගා හිත පුරා

කෙල්ලේ ආසයි තව සැරයක්
ඔය තුරුලේ රැදෙන්න
සිපගන්නම් හැම රෑම
උබ මං ලගින්ම

උඹේ ආදරේම ඕනේ වුනේ
මේ මටම රකින්න
ආසයි තව එක සැරයක්
ඔය රුවම දකින්න

අමතක වෙනකන්
ඔබ මත් කලා ආලෙන්
ගෙවී ගිය කාලේ

ඔය තුරුලෙම රහසෙ
ඉන්න ආසම මං
ඔය උනුහුම අස්සේ

නොදැනිම ගෙවී ගිය කාලේ
වෙනස්වුනා වාසේ
මං තාම ආදරෙයි කෙල්ලේ
එන්න මං ගාවට

අමතක වෙන්නේ නෑ
රහසින් අපි සිපගත්ත වාර
නුඹේ තැන ගන්නේ නෑ
හිතේ කවුරුවත්ම තාම

ජීවිතේම නැවතිලා වෙනස්
ලෝකයක් නේ මාර
පන්නන් ආවේ හෙමින් පස්සෙන්
කෙදිරිල්ල කන අස්සෙන්
දැවටිලා ඉන්න ඕනේ කෙල්ලේ
ඔය කෙහෙරැල්ලේ

හෙවනැල්ල වෙන තාලෙට
මගේ හදවත ගැස්සෙන්නේ
නුඹ වෙනතක ඉන්දී
අද සැප වැනසිල්ලේ

දිලිසෙන්නෙ වගේ…

උපදින භවයක මතු…

මිතුරන් සේ හමුවෙලා…

උඹේ හිත අස්සෙන් ලිව්වා මම
පුංචි කතාවක්
කතාවේ මම මැරෙනවා
දෙතුන් වතාවක්
උඹේ පුලුල් උකුල ලග
ආසයි ඉන්න සැදෑවක්
මතකද යහන උඩ සැපට
වැයූවා විනාවක්

ජාති ජාති බස්
උඹ ගොතපු දෙබස්
ඇග හිරි වැටෙනවා
දැක්කම උඹේ සෙක්සි ඈස්

ගෙල වට බැබලෙන උබේ ඔය මාලේ
දිලිසෙන්නේ රැස්
පොළවට උඩින් යන හැට් දැක්කම
වදිනවා කටවහ ඇස්

උබ මතක් වෙද්දී කෙල්ලෙ
යන්නෙනෑ රෑට නින්ද
ආයෙත් ඇවිලුවේ
ගේමක් දීලා නිවාගත්ත ගින්න

උඹලයි පහස විදින්න ඕනේ
හැම හැම රෑම
උඹත් ඇතුලේ කෙල්ලේ
මගේ හිතෙ බල බින්ද

කෙහෙරැල්ල අස්සේ වින්දේ
සුවය නිදහසේ
එරවිලි ගෙරවිලි අතරේ තේරුනා
අරුත සුර ලොවේ

තොල් සායම් දියවුනේ
නොදැනිම සයනෙ
ආයෙත් එනවද මගේ තනි යහනට
කෙල්ලේ පෙරසේ…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply