කිරි වෙහෙරට ඉහලින් | Kiri Weherata Ihalin by Chandana Liyanarachchi

Sinhala song lyrics with music notes illustration

කිරි වෙහෙරට ඉහලින් දග කරන සඳවති
වැඩසිටි කන්දට ඔය අත වැනුවා දැන් ඇති
මැණික් ගග දිගට පෙම් කවි පිරෙයි මිහිරැති
අද මගේ වෙලා මා ලග නවතින්න සඳවති

තුරුපත් හිස් මුදුනින් සෙත් පතයි නැමී නැමී
සියපත් සිය දහසක් මල් පිපෙයි සුවඳැති
තිස්සෙම සිත දුරයයි ඇස්දෙකට නිදි නැති
අද මගෙත් එක්ක මගේ ගෙදර යමුද සඳවති

කිරි වෙහෙරට ඉහලින් දග කරන සඳවති
වැඩසිටි කන්දට ඔය අත වැනුවා දැන් ඇති
මැණික් ගග දිගට පෙම් කවි පිරෙයි මිහිරැති
අද මගේ වෙලා මා ලග නවතින්න සඳවති

මල් පහන් පැලට අඩුවක් නැති කදුලු වැහි දීදි
සිත් නිරන්තරව ඔය පස් මහා බැලුම් බැලු හැටි
සතර වරිගයම නැතුවත් අපට අපි ඇති
අද මගේ වෙලා මගේ ගෙදර යමුද සඳවති

කිරි වෙහෙරට ඉහලින් දග කරන සඳවති
වැඩසිටි කන්දට ඔය අත වැනුවා දැන් ඇති
මැණික් ගග දිගට පෙම් කවි පිරෙයි මිහිරැති
අද මගේ වෙලා මා ලග නවතින්න සඳවති

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply