කෝ ආදරේ | Ko Adare by K Mac, DKM & Master D [2018]

Sinhala song lyrics with music notes illustration

ලෝකේ කැරකෙවී
අපි එක තැන ඉදී
මිනිසාම මිනිසා රවටද්දී
කෝ කෝ ආදරේ
කෝ ආදරේ

කෝ ආදරේ ගහන් ගියා සාගරේ
මිනිසා මිනිසාට ගරහන්නේ කෑදරේ
ජාති වාදේ පොසතාගේ පෞත්ගලික කොන්තරේ
බොරුව තමා විකිනෙන්නේ හෙළුව තමා මොස්තරේ

මනුස්සකම නැති සංකෘතිය බල්ලාට
අම්මා මහලු මඩමේ තාත්තා මරලා වැල්ලට
කරන පව් වහගන්න පින් කරයි පෙනුමට
සමාජේ පිරිහිලා සළකන්නේ ඇදුමට

සුදු පරවී ඉගිලෙද්දී අහසේ
රැවටීලා බලන් ඉන්නේ රටම නිදහසේ
රටේ තාරුන්ණිය නාස්ති වෙන්නේ රහසේ
කාටවත්ම බෑ නේ නවත්වන්න මේ විනාසේ

ඇහැට නොපෙනේන දෙවියන්ටයි සලකන්නේ
අසරණ දරුවෝ පාරේ බඩගින්නේ
කෙනෙකුට වරදිද්දී අහක බලන් යන්නේ
මට වැටහෙන්නේ නෑනේ කියලා දෙන්න දෙවියනේ

රාත්‍රියම පිපිලා පරවෙන මල කඩුපුල්
නිදන් හොරු හොයනවා බිලිදෙන්න දරුවෙකු තුන් කුලිදුල්
ලෝකේ දියුණු වෙද්දී මනුස්සකම පිරිහිලා දැන්
පිළිකුල් පිළිකුල්

ලෝකේ කැරකෙවී
අපි එක තැන ඉදී
මිනිසාම මිනිසා රවටද්දී
කෝ කෝ ආදරේ
කෝ ආදරේ

කෝ ආදරේ ප්‍රශ්ණාර්ථ සලකුණ
කෝ කෝ මිනිස්සු බොරුවට රැවටුන
කෙනෙක් නිසා තවත් කෙනෙක් වෙලා අසරණ
මුණ නෙවෙයි හදවතයි වෙන්න ඕන ලස්සන

මෙතනදී, ජාතිවාදය, දූෂණය සහ බලය විවේචනය කරයි.

මට තේරුම් ගන්න බෑනේ ජාතිවාදේ
මනුස්ස ජාතිය දැන් නම් වැටිලා අගාදේ
දුෂණ අපරාද පිරුණු ලෝකේ
“සේයා” තාම අඩනවා ඇති දිව්‍යලෝකේ

අමානුෂික බලවේග පැතිරිලා
දෙවියන්ට නින්ද යද්දී යක්කු ඉන්නේ ඇහැරිලා
දැනෙනවා කුණු ගන්දස්සාරේ
බලන් ඉන්නේ ලේ බොන්න උන් ලැබෙනකන් වාරේ

ලෝකේ කැරකෙවී
අපි එක තැන ඉදී
මිනිසාම මිනිසා රවටද්දී
කෝ කෝ ආදරේ

Written by K Mac, DKM & Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply