නිර්වාණේ | Nirvane by Chey 9 ft. Enza [2022]

Sinhala song lyrics with music notes illustration

තාමත් හොයනවා ලැබුනේ නැති නිර්වාණේ නන්නාදුනන මාවතේ මං
පස්සේ මං දන්නේ අතරමං වෙලා නිර්නාමික මාවතේ දැන්
මගේ හදවත කැඩිලා, තැලිලා, පෙළිලා අනන්ත දේවල් වෙලාම දැන්
අන්තිමේ මට මම විතරයි කවුද අපිට මොනාද කරේ බං?

වෙනස් වෙලා මං, වෙනස් වෙලා මං
වෙනස් වෙලා නෙමේ වෙනස් කරා බං
සමාජෙන් මාව වෙනස් කරා බං
තේරුම් අරගෙන වෙනස් වුනා මං

දැන් දන්නවා මිතුරා කවුද, මගේ හතුරා කවුද, ලග හිටියේ කවුද, උදව් කරේ කවුද
යාළු දුකේදි මාරු වුන සැපට වහල් වුන මිතුරෝ කවුද

නිහතමානීකම වැදගත් අපි මනසින් උසස් සත්තු
අදුරගන්න බැ වෘකයාව සුදු බැටළු හමක් පොරෝගත්තු
නින්දෙන් ඇවිදින මනෝකාය මගේ වෙන ග්‍රහලෝකෙක මත් වූ
අද පුරමුද සව්දිය අරගෙන සමු අපි රංචුවෙන් ගැලවුන සත්තු

රිදුමන් දෙන හදවත අකුලා
මිතුදම් නෑ හැමදේ වැටහුණා
තනිකම හුරු වන්නට මා හද හුදකලා වන්නට අවසර ඉල්ලා

හැකි විට සිටි උං කෝ කියලා
වද දිදී මගේ හිත විමසනවා
ආදරේ කල උං අද නැ ඒත් හිත සැනසෙනවා නිදහස සොයලා

බිදුනු වීදුරුවක් හදන්න බැ වගේ විස්වාසය හරිගස්සන්න බැ
බොරු යාළුවෝ, බොරු බැල්ලියෝ වෙනුවෙන් මගේ ජීවිතේ මං ඉඩක් දෙන්නේ නැ
අතීතය දවසක් ගානේ පරණ වුනත් ම⁣ට මගේ මුල අමතක වෙන්නේ නැ
මගේ තරුව දිලිසෙනවා තාමත් ඒත් මං පුහු මාන්නයෙන් උඩ ගියේ නැ

හැමතැනම බොරු චරිත දැකලම මහන්සි
මුං කතා කරන්නේ වැටුනා වගේ අහසින්
සමූල ඝාතනේ කරා වගේ නාසීන්
කපන්නේ තුරුම්පු කොල දාලා මං ආසි

අංක එක කලාව නම් දෙක තමයි කාසි
ලංවුනේ නැ කාටත් බලන් වාසි
ඕනතරම් දැක්කා අපිත් කැ*යන්ගේ මර්සි
Album එක ඉවරයි මම එක මාසෙන්

මංමුළා වී සිතුවිලි පාවෙලා
තනිකම හෙමි-හෙමියෙන් මා වෙලා
අදුරේ මා දැන් දැන් ගිලෙනවා… තනිවෙලා

ජීවිතේම සුළි සුලගක් වෙලා
ආදරයත් දැන් කොහේදෝ ගියා
මා තනිවෙලා

written by Chey 9

chey 9 shinhala rap

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply