කෝඩුකරුවා | Kodukaruwa by Kanishka Akmeemana [2018]

දේදුන්නෙ සේයා
කොපුලෙන්ම දිලෙනා
මා හීනයේ ඔබ සරන්නා
උන්මාද ඡායා
හැබැහින්ම පේනා
මා ආදරේ කෝඩුකරුවා

දෙතොලේ
වෙලෙනා
මිහිදුම්
සළුවෙලා
හිඳිමී ආදරේ පැතූම වීලා
එවමී
සුසුමේ
පා කරලා සෙනෙහේ
මටනම් ආදරේ
දැනුනා බෝ මා

සුසුමේ
පා කරලා සෙනෙහේ
මටනම් ආදරේ
දැනුනා බෝ මා

ආයාචනා දෑස මාගේ කියා
සියොතුන් පවා ඉඟිකරන්නේ
මායා කතාවේ කුමාරී වෙලා
මොහොතින් මගේ පපූ තුරුල්ලේ
ප්රේමාදරේ වචන සීමා නොවේ
ඔබවේ මගේ එකම සිහිනේ

රූ සෝබනී හිත අපේ යාවුනී
දැහැනින් මිදී නොයනු මැනවී
සංසාරයේ වරෙක හමුවී වගේ
හැඟුමක් දැනෙන්නේ කිමැයි මේ
ප්‍රේමාදරේ වචන සීමා නොවේ
ඔබවේ මගේ එකම සිහිනේ

දේදුන්නෙ සේයා
කොපුලෙන්ම දිලෙනා
මා හීනයේ ඔබ සරන්නා
උන්මාද ඡායා
හැබැහින්ම පේනා
මා ආදරේ කෝඩුකරුවා

දෙතොලේ
වෙලෙනා
මිහිදුම්
සළුවෙලා
හිඳිමී ආදරේ පැතූම වීලා
එවමී
සුසුමේ
පා කරලා සෙනෙහේ
මටනම් ආදරේ
දැනුනා බෝ මා

එවමී
සුසුමේ
පා කරලා සෙනෙහේ
මටනම් ආදරේ
දැනුනා බෝ මා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *