සම්මානී | Sammani by Kanishka Akmeemana [2020]

ලියනවනම් කවි ගී ලිව්වේ
ගයනවනම් ඒ හැම ගැයුමේ
ඔබ පමණයි මා ගැන දන්නේ
අමතක නම් වෙන්නෑ මතකේ

සම්මානී මා පෙම් කරපූ
හංගාවී හදේ රැඳුනු කඳුලු
උන්මාදී ඈ හිත සැනසූ
සම්මානී ඔබමයි පෙම් කරපූ

උණුසුම් කඳුලින් දෙහදක් පොඟමින්
පැතුමක් සුලඟේ හමා ගියා…
දහසක් රිදුමන් තනියෙන් විඳිමින්
සුසුමන් අඳුරේ ඇදී ගියා…
මගේ ජීවිතේ ඔබ වූ එදා
හදේ ආදරේ තියෙනා තුරා…

සිහිනෙන් ඇවිදින් මුමුණන් රහසින්
පවසන් සොඳුරේ මගේ කියා…
හසරැල් අතරින් කඳුලැල් පිසිමින්
වරුවක් තුරුලේ හිඳී බදා…
මගේ ජීවිතේ ඔබ වූ එදා
හදේ ආදරේ තියෙනා තුරා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *