කොමළි | Komali by Jagath Rasnayake [2023]

Sinhala song lyrics with music notes illustration

කොමළි ඔබ හින්දම
ඔය රුව හින්දම
හිත කුල්මත්වෙලා
සොකරී වගේමයි යන්නේම
ඉඟ ගස්සනෙම
ඔමරි පපා

ඔබ හින්දා හින්දා හින්දා කරදර
වින්දා වින්දා වින්දා නිදිමර
සුන්දර වෙන්නට ආලේ කතා
මම බින්දා බින්දා බින්දා සිල්පද
සින්දා සින්දා සින්දා හදවත
නැතිවම බැරි තැන මාගේ සුදා…..

හදවත ඉල්ලන තරුව ඔයා
අහසට යන්න එපා
තිස්සෙම තනිකම දැනෙන නිසා
තුරුලෙම ඉන්න හිතා
මැව්වේ හීනේ ආයේ ආයේ හීනේ ඉන්න හිතා
නාවේ ඇයිදෝ කියලා ඇහුවොත්
තරහින් වාගෙ ඔයා
කෝලම් කාරිය කෝලම් තාලෙට
කෝලෙන් ඉන්න නිසා
යන්නට දෙන්නට බෑ මගේ සොකරිට
ලගින්ම ඉන්න සුදා

කොමළි ඔබ හින්දම
ඔය රුව හින්දම
හිත කුල්මත්වෙලා
සොකරී වගේමයි යන්නේම
ඉඟ ගස්සනෙම
ඔමරි පපා

ඔබ හින්දා හින්දා හින්දා කරදර
වින්දා වින්දා වින්දා නිදිමර
සුන්දර වෙන්නට ආලේ කතා
මම බින්දා බින්දා බින්දා සිල්පද
සින්දා සින්දා සින්දා හදවත
නැතිවම බැරි තැන මාගේ සුදා

written by Jagath Rasnayake

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply