in Damith Asanka

කුසුම් සරා | Kusum Sara by Damith Asanka

කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට
කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට
ගැටිස්සියෝ ඇස ගැටෙනා හැමවිට රූබර
මටත් වැදිලා වගේ දැනෙයි මලවිගේ හීසර
මටත් වැදිලා වගේ දැනෙයි මලවිගේ හීසර

හංස විලාසෙට ඇවිදින ගමනේ අපූරුව
බැලුවා නොවෙයි මට හොරැහින් බැලුනා ඉබේටම
වසන්තයේ මල බඳුනේ මානවිකා දැක
සුරංගනා ලොව හැබැහින් පෙනුනා මේ මට

කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට
කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට

නිලංකාර කර ඇස් දෙක ඉඟි බිඟි පෑවට
අහංකාර කම අවියක් යුවතියෝ සන්තක
ඒම කියන හිත විටකදී කැපව නුරාවට
හද ගැඹුරේ කලතයි යෞවනයේ හැඟුම් විල

කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට
කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට

banner

Leave a Reply