Sinhala song lyrics with music notes illustration

ලා සඳ එළියක සිහින එකින් එක
අහුලමි රෑ අඳුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ

ලා සඳ එළියක සිහින එකින් එක
අහුලමි රෑ අඳුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ

සුළං රැලක හෙමි හෙමින් පාව එන
මල් පෙත්තක රැඳි නුඹේ සුවඳ පොද
අසුරු සැණින් ලද එකම ඇසිල්ලක
මගේ කොපුල් තල මතින් තියනවද

ලා සඳ එළියක සිහින එකින් එක
අහුලමි රෑ අඳුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ

ලා සඳ එළියක සිහින එකින් එක
අහුලමි රෑ අඳුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ

ඔබත් මමත් එක හිතින් සිනාසුන
එකම අහස යට එකම වෙරළ කොන
පුරුදු හැඟුම් මුළු හිතින් දරාගෙන
එදා කතාවම යළිත් ලියනවද

ලා සඳ එළියක සිහින එකින් එක
අහුලමි රෑ අඳුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ

ලා සඳ එළියක සිහින එකින් එක
අහුලමි රෑ අඳුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply