ලොවෙන් අඩක් | Lowen Adak by Chamara Weerasinghe

ලොවෙන් අඩක් සුව නින්දේ
ඔබ පමණක් ලතැවිල්ලේ
යශෝධරා… වුණාත් ළඳේ
මම සිදුහත් කුලේ නොවේ…..

නිදිබර නෙත කඳුළු දොවා….
නිදිබර නෙත කඳුළු දොවා….
එපා මා නෙත සතපවන්න
මගේ දෙනෙතට දෙනෙත තියා
ආදරයේ තරු ගනින්න……

ලොවෙන් අඩක් සුව නින්දේ
ඔබ පමණක් ලතැවිල්ලේ
යශෝධරා… වුණාත් ළඳේ
මම සිදුහත් කුලේ නොවේ…..

සියුමැලි ඔය ඇඟිලි තුඩින්…
සියුමැලි ඔය ඇඟිලි තුඩින්…
එපා මා හිස පිරිමදින්න
මධු බඳුනට පෙම් කළ මා
ඔබේ පෙමින් මුදාලන්න…..

ලොවෙන් අඩක් සුව නින්දේ
ඔබ පමණක් ලතැවිල්ලේ
යශෝධරා… වුණාත් ළඳේ
මම සිදුහත් කුලේ නොවේ…..

Leave a Reply