මා වෙත එන්න | Ma Wetha Enna by Kanchana Anuradhi [2022]

Sinhala song lyrics with music notes illustration

මව්බිම රකින්නේ
ජවයේ බලයෙන්ය
යෝධ ජවය ලැබුනේ
දෙවි පිහිටෙන්ය
දහදුක් විදෙන්නේ
අප සැම වෙනුවෙන්ය
මා ජීවත් වුනේ
ලද පියසෙනෙහෙන්ය

මොලකැටි වදන්
ඔබේ සවට තෙපලන්න
මා හඩනා විට තුරුලට අරගන්න

ඔබ දන ගැසූවිට
අලියා පිට යන්න
මතකයි බලා උන් හැටි
මා නැලවෙන්න

තුරුලට වෙලා
පිය උනුහුම විදගන්න
පින් මදිවෙන්නැති
උකුලට වී ඉන්න

එල්ලී ඇගිල්ලේ
ඉස්කෝලෙට යන්න
මැව්වෙමි සිහින සගවා
කදුලැලි ගොන්න

තව තව ජවය ලැබ
සතුරන් මැඩලන්න
මව්බිම රැකගන්න
එහි කිසරිදු වන්න

මා තුරුලට අරන්
පිය උනුහුම දෙන්න
මගේ ලෝකයේ හිරු වී
මා වෙත එන්න
මගේ ලෝකයේ හිරු වී
මා වෙත එන්න

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply