in Sunil Edirisinghe, Uncategorized

Mage Amal Biso / මගෙ අමල්බිසෝ – Sunil Edirisinghe

මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්…
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්…

මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්…
මම දීපංකරේ
ලතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්…

යස ඉසුරු අරන් සුදු මහත්තුරුන්
ඒරොප්පෙ ඉඳන් ඇවිදින්…
මුදු බැලුම් හෙලයි
ලංවෙන්න බලයි…
උඹ නොදැක්කා සේ ඉඳපන්…

මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්…
මම දීපංකරේ
ලතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්…

ඇඳ නේක ඇඳුම් සුදු නෝනාවරුන්
ගෙට එබී බලයි හොරැහින්…
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන්
උඹ හෝදිසියෙන් ඉඳපන්…

මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්…
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්…

banner

Leave a Reply