මගේ මාතා | Mage Maatha by Damith Asanka [2021]

කම්පා නැති යශෝදරා
නින්දා වැසි ලොව වස්සා
නොසැලී සිත නොව කම්පා
සෙනෙහස දරුවට දුන්නා
කැප කර ඈ සසර පුරා
ආත්මයක එතෙර වෙනා
මම එනවා පුතෙක් වෙලා
අම්මාගෙ කිරි සුවද උරා

අම්මාඅම්මාඅම්මාඅම්මා
ආසයි මා සුලගිල්ලේ එල්ලී රාහුල වෙන්න
හමු වනදා සංසාරේ බෝසත් කුලයක ඉන්න

මගෙ මාතා යශෝදරා
පිය පදවිය උරුම වෙලා
මතු භවයේ නුබ පිරුදා
පාරමි බල කල්ප පුරා
විවරන නෑ යශෝදරා
බුදු පදවිය මෑනී වෙලා
යශෝදරා වු අම්මා
භවයක සිදුහත් වේවා

අම්මාඅම්මාඅම්මාඅම්මා
ආසයි මා සුලගිල්ලේ එල්ලී රාහුල වෙන්න
හමු වනදා සංසාරේ බෝසත් කුලයක ඉන්න

ලෝදිය උතුරන පොලවේ
දරාන උනුසුම ඇතුලේ
පොලවක් වී දරු රැක්කේ
ගිල්වා සෙනෙහස සයුරේ
සිදුහත් වන තුරු භවයේ
නිවනක් නෑ හමු වන්නේ
හමු වනදා ඈ සසරේ
බෝසත් කුලයක ඉන්නේ

අම්මාඅම්මාඅම්මාඅම්මා
ආසයි මා සුලගිල්ලේ එල්ලී රාහුල වෙන්න
අම්මා සිදුහත් වී ඉන්න
අම්මා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *