මගේ සඳ සාවී | Mage Sada Sawi by Damith Asanka [2020]

බලන ගලේ විහාරයට පෑයූ සදකී
පෙරහැර දා නුවර ඇවිත් මට හිමි සාවී
නුඹ හිටියේ රජ වීදියේ වාගෙයි කුමරී
පෙරහැර නෑ මං දැක්කේ මගේ සද සාවී

නපුරු වෙලා වෙන අහසක පෑයූ කුමරී
නුඹ බසිනා මග තාමත් ඝටිකා රාමේ
හීන අරන් ඔබ මා ගිය වීදි පුරා මේ
අමාවකට එළිය කලේ නුඹයි සදවතී

පෙමට බැදලා අපි ආගිය මේ සංසාරය
නිවනට මග කියාදුන්නෙ අටමං සංදිය
නිවාගන්න මේ ඇවිලෙන නුඹේ මතකය
මම හැඩුවා උතුරනකන් නුවර වැව් දිය

බලන ගලේ විහාරයට පෑයූ සදකී
පෙරහැර දා නුවර ඇවිත් මට හිමි සාවී
නුඹ හිටියේ රජ වීදියේ වාගෙයි කුමරී
පෙරහැර නෑ මං දැක්කේ මගේ සද සාවී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *