මල් ගවසා | Mal Gawasa by Dulina Hesara [2021]

මල් ගවසා.. නෙතඟින් බලා..
ඔබ හීනයේ.. බොඳ වී ගියා..
රෑ අහසේ.. තරු මා දිහා..
නොකියූ රහස්.. මුමුණා කියා..
ඒ දෙනෙතේ.. රස කැන්දනා..
හිත හීන ගානක.. නැවතුනා..

සොඳුරු ගීයක.. අරුත කියවෙන..
මතක පමණක් ඈත රැන්දුන..
හීනයේ බොඳ වී ගියා..

හද තුරුලේ.. සුසුමක් ලෙසේ..
හිත පාවෙලා යයි.. නිම් නැතේ..
ඒ හීනයේ.. තනිවී මෙසේ..
මේ ජීවිතේම.. හැඩ වුනේ..

ආදරේ රස.. හිතට මුමුණන..
මතක පමණක්.. ඈත රැන්දුන..
හීනයේ බොඳ වී ගියා..

මල් ගවසා.. නෙතඟින් බලා..
ඔබ හීනයේ.. බොඳ වී ගියා..
රෑ අහසේ.. තරු මා දිහා..
නොකියූ රහස්.. මුමුණා කියා..
ඒ දෙනෙතේ.. රස කැන්දනා..
හිත හීන ගානක.. නැවතුනා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *