Malliye Naraka Mithuran / මල්ලියෙ නරක මිතුරන් – Sunil Edirisinghe

මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා…
නංගියෙ නොහොබිනාකම් හුරුවෙන්ට එපා…
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා…
හතුරෙකුටවත් මට වන් දුකවෙන්ට එපා…

දළදා මැදුරෙ තේවා හඩ රැව් දෙනවා…
කල පව් මතක්‌ වී දෑසම තෙත් වෙනවා…
සියක්‌ වාරයක්‌ මැරි මැරි උපදිනවා…
තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා…

ලැබුවේ අවවාද නොහොබින ආලකය…
දුදනන් නිසා විය හෙනහුරු මාරකය…
මං පෙර ගියේ වරදින් පිරි පාරකය…
ඒ ගිය මගේ… අවසානය පෝරකය…

Official Video

Leave a Reply

Your email address will not be published. Required fields are marked *