මන්දාකිනි | Mandakini by Hiruni Prabha x Miran Archana [2022]

Sinhala song lyrics with music notes illustration

මා දුටුවා
නිවි නිවි දිලෙනා
එක තරුවක්
අවපස අහසේ
මා හඬනා බව දැකලා තනිවී
අඳුරේ
පෘථිවි තලේ

මන්දාකිනි දිගේ
අතිනත් බැඳන් අපි ඇවිදන් ගියා
අහස් ගඟ පුරා
ඹ්..හෝ..හෝ…
ඹ්..හෝ..හෝ…

වළාකුළු වියන් තනා අපට සුභ පතා
තුෂාර බිදු වලා අතුළ නිම්නයන් දිගේ
පාවෙලා පාවෙලා ක්ෂිතිජ මායිමේ
අපි ඇවිදන් ගියා අතින් අත් බැඳන්
අනන්තය දිහා

මන්දාකිනි දිගේ
අතිනත් බැඳන් අපි ඇවිදන් ගියා
අහස් ගඟ පුරා
ඹ්..හෝ..හෝ…
ඹ්..හෝ..හෝ…

මදු පෙරා ස්වප්න ගී කනට කොඳුරලා
සීත මීදුමෙන් වෙලා මගත පුබුදුවා
පාවෙලා පාවෙලා ක්ෂිතිජ මායිමේ
අපි ඇවිදන් ගියා අතින් අත් බැඳන්
සිහින ලොව පුරා

මන්දාකිනි දිගේ
අතිනත් බැඳන් අපි ඇවිදන් ගියා
අහස් ගඟ පුරා
ඹ්..හෝ..හෝ…
ඹ්..හෝ..හෝ…

written by Sudesh Jayantha Fernando

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply