මන්දාරම් අඳුර මැදින් | Mandaram Adura Madin by Krishantha Erandaka

මන්දාරම් අඳුර මැදින්

හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට..
ඔබ සිටියානම්..ඔබ සිටියානම්..

මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට..
ඔබ සිටියානම්..ඔබ සිටියානම්..

තනියමවත් යන්නට මදි

කුඩේ යටින් ඔබේ ලඟින්
තනියමවත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ලඟින්
නොතෙමී තෙමි තෙමි සතුටින්..
යන්නට තිබුනා..යන්නට තිබුනා..
යන්නට තිබුනා..

මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට..
ඔබ සිටියානම්..ඔබ සිටියානම්..

මඟ යන එන අයට හොරෙන්

ඔබෙ දෑසට එබී බලා
මඟ යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිඳුවක රස..
බලන්න තිබුනා..බලන්න තිබුනා..
බලන්න තිබුනා..

මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට..
ඔබ සිටියානම්..ඔබ සිටියානම්..

මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට..
ඔබ සිටියානම්..ඔබ සිටියානම්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *