මන්දස්මිතික ප්‍රේමය | Mandasmathika Premaya by Vindula Attygala ft. Tharindu Damsara

Sinhala song lyrics with music notes illustration

සොඳුර එහෙනම්
ඉතින් නුඹ නික්මෙන්න
මට ඕනේ මං එක්ක
මොහොතකට තනිවෙන්න හවසක

මැදියමේ මධුවිත හලා හදම අවුලා නුඹේ
නග්න ගිනි සිලු වලින් ඉතිං මං සැනසෙමි
හිමි අහිමි කොයිවෙතත් ප්‍රේමයේ සෘතුවේ
සීරුවෙන් තබා යමි මල් වඩම් පූරුවේ

සිනා පමණක් තබා අගුළුලා හද කුටියේ
වේදනා මුහු කරමි රැඳී දුමක දෙතොලතරේ
හිමි අහිමි කොයි වෙතත් ප්‍රේමයේ සෘතුවේ
මල්වඩම් ගිණි තබා නුඹ තියමි පෝරුවේ

හිමි අහිමි කොයි වෙතත් ප්‍රේමයේ සෘතුවේ
මල්වඩම් ගිණි තබා නුඹ තියමි පෝරුවේ” මෙන්න මේ වචන ටික
මේ ලියමන හමාර වෙන්න ඕන මෙහෙම
මල්වඩම් ගිණිතබා නුඹ තියමි පෝරුවේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply