in Tharindu Damsara

මේ කොළඹ පාලුයි | Me Colamba Palui by Tharindu Damsara [2022]

මගේ බඳවට අත දමාගෙන
කලාභවනේ ඉදිරි පාරෙන්
අපි අපේ ලෝකය හොයාගෙන
ගෑටුවා මතකයි
ඔබත් අද නැති මමත් අද නැති
මේ කොළඹ පාලුයි

කොළඹ අහසේ ගොම්මනේ නුඹ
සුසුම් උණුසුම මගේ පපුවේ
තැවරුවා මතකයි
මමත් අද නැති ඔබත් අද නැති
මේ කොළඹ පාලුයි

අපිව දන්නා ප්‍රේම නගරේ
දැන් හුඟක් මහලුයි
ඔබට මතකද ගොබුඩු මී ගස්
පෙළම දැන් තරුණයි
නෙළුම් පොකුණත් ගරා වැටිලා
පරවියෝ විතරයි
කොළඹ තණ උද්‍යානයම දැන්
පාලු වුන ගානයි
ඔබත් අද නැති මමත් අද නැති
මේ කොළඹ පාලුයි

banner

Leave a Reply