මේ මොසම් | Me Mosam by Nisal Sathsara [2020]

Sinhala song lyrics with music notes illustration

ලා හිරු රැස් මියෙනා මොහොතේ
ඔය හසරැල් මා හද ගත්තේ
තරු විකසිත වී රෑ අහසේ
ඔබ වෙනුවෙනි කවි ගී මැව්වේ

ඒ ලියැලූ කුලුදුල් හීනේ
සායම් අද හිනැහෙයි රහසේ
විසිරී ගිය සිතුවිලි අතරේ
තාමත් ඔබ පමණයි ඉන්නේ

මේ මොසම් මාරුතෙන්
සිත සැලෙනා පාලුවෙන්
ලග නැති දා රුව සොයනා
රුව අද ඇත තනිකමෙන්

මේ ගයනා ගීතයෙන්
මම අමතමි හදවතින්
ඇහෙනවා නම් සද මාගේ
සැගවෙනවද යලි මගෙන්

ඔය දෑතේ වෙලිලා
ලොවටම කවි කීවා
ඒ සොදුරු අතීතයේ
ජීවිතේ

මගේ උනුහුම වීලා
දින එක දෙක ගෙවුනා
මේ අදුරු අමාවක‍යි ජීවිතේ

ඇසිපිය සැලෙනා මොහොතක් පාසා
යලි සිත අවදි වුනා
වැටෙනා කදුලැල් රහසේ සැගව ගියා

මන්දාරම් වැස්සේ
අපි පියමන් කෙරුවේ
අද ඔබ නෑ මා පමණයි තෙමෙන්නේ

ඔහුගේ මල් යහනේ
සදගන වී රහසේ
ඇයි මා එතරම් කලේ ආදරේ

ඇසිපිය සැලෙනා මොහොතක් පාසා
යලි සිත අවදි වුනා
වැටෙනා කදුලැල් රහසේ සැගව ගියා

මේ මොසම් මාරුතෙන්
සිත සැලෙනා පාලුවෙන්
ලග නැති දා රුව සොයනා
රුව අද ඇත තනිකමෙන්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply