මෝඩයා නුඹ හරි | Modaya Numba Hari Modaya by Danapala Udawatta

Sinhala song lyrics with music notes illustration

මෝඩයා නුඹ හරි මෝඩයා
ගෝලයා ගියාට ගුරාගේ පාරේ
තිත්තයා නුඹ එදා නුවණක්කාරයා
දැන් ළඟා වුණා කොකාගේ වාරේ

ගෝලයා නුඹ හරි ගෝලයා
ගියොත් හොඳයි ගුරාගේ පාරේ
මාරයා කරුමක්කාරයා
නුඹට කවදා හරි දවසක තේරේ

පණ්ඩිතයට ඒදණ්ඩෙත් යන්ඩ බෑ
ළමයෝ පිං පඩියට පන්සලේ නවතින්ඩ බෑ
ළිං පඩි උඩ නොතෙමි වාඩිවෙන්ඩ බෑ
මේ ගුරෙකු නොමැති කියු ගෝලයෝ ඉන්ඩ බෑ
ලූලා නැති කල කනයලු බලවතා
පොහොසතා වගේද දිළිඳු පැලක දුප්පතා
පිං තකා වගේලු කරඬුව ගෙන යන ඇතා
මිනිස්සුන්ට වඩා ගුණවත් තිරිසන් සතා

මෝඩයා නුඹ හරි මෝඩයා
ගෝලයා ගියාට ගුරාගේ පාරේ
තිත්තයා නුඹ එදා නුවණක්කාරයා
දැන් ළඟා වුණා කොකාගේ වාරේ

ප්‍රාණයක් නැතිව කෙනෙකුට උපදින්ඩ බෑ
හානියක් නැතිව කෙනෙකුට මිය යන්ඩ බෑ
මරණයක් වෙතොත් නැවතත් පණ දෙන්ඩ බෑ
දෛවයක් නැතුව නම් ජීවත් වෙන්ඩ බෑ
නිල මැස්සට මලකින් රොන් ගන්ඩ බෑ
ඔය කළු කපුටට කෝකිලයකු වෙන්ඩ බෑ
ගහට ගහක් මොරටුවේ හමුවෙන්ඩ බෑ
මෙන්න මේ කියමන කිසිදින බොරු වෙන්ඩ බෑ

මෝඩයා නුඹ හරි මෝඩයා
ගෝලයා ගියාට ගුරාගේ පාරේ
තිත්තයා නුඹ එදා නුවණක්කාරයා
දැන් ළඟා වුණා කොකාගේ වාරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply