මොනාලිසා | Monalisa by Surendra Perera

සිහින සාප්පුවේ දොර අරින්න මොනාලිසා
පරණ සේප්පුවේ රන් කාසි ගනින්න
හිතට යාප්පුවේ හිනාවෙන්න කියාදෙන්න
හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න
හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න

දූවිලි හාදු ගොඩේ ආදරේට සැතපෙද්දී
යකඩ කඳන් දිගේ පිපෙයි සුදු අරලිය මල්
නෙලා ගන්න අත දිග නැති රෝස කුසුම් සුවඳ හලයි
ලඟින් ගියත් අපට කොහෙද ඒ සුවදැති මල්

සඳුන් සුවඳ කාමරයේ වැටී දෝර ගලයි
මොනාලිසා අපි කවදද ජෝඩු වෙන්න හිතේ
කූඩු වෙන්න පතන පැතුම් අහස තරම් උසයි
ඒ වුනාට තනි වුනාම මට මං ගැන දුකයි

සිහින සාප්පුවේ දොර අරින්න මොනාලිසා
පරණ සේප්පුවේ රන් කාසි ගනින්න
හිතට යාප්පුවේ හිනාවෙන්න කියාදෙන්න
හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න
හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න
හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න
හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *