නෑවෙන්න සේදෙන්න | Nawenna Sedenna by Surendra Perera

නෑවෙන්න සේදෙන්න පිනි වැස්සේ
තරු පොකුරු අමුණන්න රෑ තිස්සේ
ඇහිඳින්න පළඳින්න මල් දුනුකේ
මා එක්ක එනවාද මයෙ මැණිකේ

නිල් දෙනෙත කිසි දිනයක රතු නොකරමි
රළු පොළොව මත මල් පියලි අතුරමි
කළ වැරදි කිසි දිනයක යළි නොකරමි
මා දෑස වාගේම ඔබ රැකගමි

හෙළු කඳුළු මුතු මාලයක් සේ ගොතා
සරසවමි ඔබගේම ගෙළ පළඳවා
ජයගනිමි හැමදාම දුක පරදවා
වෙන් නොවමි කිසිදාක ඔබ හැර දමා

Leave a Reply