in Shihan Mihiranga

නෙතු කඩා හැලෙන | Nethu Kada Halena by Shihan Mihiranga

නෙතු කඩා හැලෙන තරුවක් වාගේ
මතකයි ඈ දෙව්ලියක් වගේ
තොල් මත පොපියන පිණිබිදු වාගේ
මතකයි මා හද නැටුවා රහසේ
මනාලියක් වී ඈ
අද මා අසලින් ඉන්නේ

මා නෙතින් නෙලා ගත් මල අද මා හද ලග විකසිත වෙන්නේ
ඒ උණුසුම් සුසුමන් අද මා හද කිති කවමින් හිනැහෙන්නේ
මනාලියක් වී ඈ
අද මා අසලින් ඉන්නේ

නිල් දෑස් අගින් මුතු කෝල වූ වදන් හිත ලග දැවටෙන්නේ
ඔය නෙත් කොනින් කීව රහසට මා හිත කොහිදෝ ගෙන යන්නේ
ඒ උණුහුමට ලංව සුසුමන් අයදින නෙතු අග දිලිසෙන්නේ
මට තුරුළු වුණා ඈ සිත හංගාගෙන ලොවට හොරා රහසේ
මනාලියක් වී ඈ
අද මා අසලින් ඉන්නේ

banner

Leave a Reply