නිදහස | Nidahasa by Ramesses Reezy [2025]

Sinhala song lyrics with music notes illustration

Mmh Mmh පිළිගමි සාදරෙන්!

වැඩි වැඩියෙන් හැමෝටම වෙන්න ඕනි ආදරේ!

Mmh Mmh මේක මගේ සාගරේ!

අහසයි පොළොවයි මේකෙන් තමයි අපි යා කරේ..

Mmh Mmh මෙහේ කරයි අපි ආස දේ..

කළු සුදු හීන හැමදාම මෙහේ පාට වෙයි..

Mmh Mmh හිත කියුව පාර මේ..

ආරාධනා කරනවා දිව්‍යලෝකේ සාදේ මේ..

මනසක නිදහසත් කරලද මිල..

වහල් වෙන්න දෙනවද හැඟීමට  හිත..

බොරවෙන්න දෙන්නෑ මගේ හදවතේ විල..

ඉගිලෙන්නයි ඕනි මට වලාකුළුත් බිඳ..

ඉන්නේ හීනෙක තමා..

පහුකරන් ආවා උඩ අඳුරු වලා..

මං තව තරුණ වෙලා..

හැබැයි දැන් නම් ඉන්නේ නෙවෙයි පරණ කෙනා..

ආව පාර දුරයි..

මගේ එවුන් තාම මෙෙග් හදවෙෙත් මුලයි. 

I wish you well bruh.. 

One day i hope you make it outta this hell bruh..

හරියනවා තමයි කාටත් හරියන කාලෙට..

බැරිවෙන තැන ඒකයි ඉන්න ඕනි කාගෙන..

පැල තියනවා මං ගාව වාරෙට අවාරෙට..

ඇප දුන්නේ දෙයියෝ තමයි යාලු කසාදෙට..

Mmh Mmh පිළිගමි සාදරෙන්!

වැඩි වැඩියෙන් හැමෝටම වෙන්න ඕනි ආදරේ!

Mmh Mmh මේක මගේ සාගරේ!

අහසයි පොළොවයි මේකෙන් තමයි අපි යා කරේ..

Mmh Mmh මෙහේ කරයි අපි ආස දේ..

කළු සුදු හීන හැමදාම මෙහේ පාට වෙයි..

Mmh Mmh හිත කියුව පාර මේ..

ආරාධනා කරනවා දිව්‍යලෝකේ සාදේ මේ..

වැඩිපුර නෑ කලේ, අඩුවෙනුත් නෑ කලේ..

මට නැත්තං‍ පාලනේ ඒවා විශ්වයට භාර වෙයි..

Mmh නෑ මං පමා වුනේ, කරයි දේවල් පාඩුවේ..

Mmh මේ පෑනයි පොතයි තිබ්බේ නෑ මාව පාළුවේ..

මේ පද ගලපලා කතාව මං ලියයි..

මොනාකරන්නද වෙන අපේ හීන මිලයි..

වෙලාව බලන්නේ නැතුව වැඩ ඒක නිසයි..

මොන විභාග ද අඩෝ මම සීයෙන් සීයයි..

නිදහසට කාරණා නෑ අපි ගහනවා ගේම..

කොහොම හරි සමබර කරනවා හැම දේම..

හැ⁣රෙද්දිම උඹ දේවල් ගොඩයි මට පේන..

අපි හිරවෙලා ඉන්නෑ යාළු එක දේක..

පොඩි තැනින් ලොකු හීන අරන් ආවා ගොඩක්..

අපිත් ආසයි කාට උනත් වෙනවනම් හොඳක්..

බස් එකේ ගියේ අපිත් අල්ලගෙන කොණක්..

දාලා ගියා ගෙදරත් මං මගේ හීන හොයන්..

Mmh Mmh පිළිගමි සාදරෙන්!

වැඩි වැඩියෙන් හැමෝටම වෙන්න ඕනි ආදරේ!

Mmh Mmh මේක මගේ සාගරේ!

අහසයි පොළොවයි මේකෙන් තමයි අපි යා කරේ..

Mmh Mmh මෙහේ කරයි අපි ආස දේ..

කළු සුදු හීන හැමදාම මෙහේ පාට වෙයි..

Mmh Mmh හිත කියුව පාර මේ..

ආරාධනා කරනවා දිව්‍යලෝකේ සාදේ මේ..

written by Minru Silva‪

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply