නිම් හිම් සෙව්වා | Nim him Sewwa by W. D. Amaradewa

නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී, යුගයෙන් බැඳි යුගයේ
ලංවී වෙන්වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ


දිවියේ ආශා, ගැඹුරින් ගැඹුරේ
ළයගින් සනහා, අපමයි තැවුනේ
ජන්මෙන් ජන්මේ රැව්දීලා
ඔබ මා නෙතඟේ රැඳුනා

ඉර හඳ සේ මා, පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
අතරින් පතරේ වියැකීලා
සටනින්, අද මා දිනුවා

නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී, යුගයෙන් බැඳි යුගයේ
ලංවී වෙන්වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *