සතර වරම් දෙවි | Sathra Waram Devi by W. D. Amaradewa

Sinhala song lyrics with music notes illustration

සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්
සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්

පලාපෙති බැඳන් ගෙලවට හංස පියාපත් සලමින්
නුඹේ පා යටින් සඳකඩ පහන පායලා
බ්‍රහස්පති තාරකාව මුදුන් වෙයි සරත් නුඹ ගැබ
ස්වර්ණමාලී මහ සෑ අග කොත් පලන්ඳලා

සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්
සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්

කලා වැව් දියේ උත්පල නෙලාගෙන ඇඟිලි පොකුරට
අප්සරාවියන් ලෙන් දොර බලා හිඳිනවා
වළාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස
ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා

සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්
සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්

w d amaradewa,w.d amaradewa,amaradewa,pandith amaradewa,amaradewa song,amaradewa songs,amaradewa master,amaradewa best songs,aradana,amara gee sara,amaradewa song collection,adara geetha,neela warala,sada tharu nihadai,kumariyaka pa,babareku awai,malahiru basina,tharu arundathi,midada hee sara,sadatharu nihadai,adara sindu,wakkada laga,ran dahadiya,peradinayaka ma,ira hada payana,bindu bindu ran,kadulu kiri powa,ma dan mahalu wiye,viraha gee

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply