කුමරියක පා | Kumariyaka Pa Salamba Saluna by W. D. Amaradewa

Sinhala song lyrics with music notes illustration

කුමරියක පා සළඹ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුණා
කුමර බඹසර අසපුවේ මා
සම වැදී උන් දැහැන් බිඳුනා

කුමරියක පා සළඹ සැලුනා…

උකුල ළැමහස මලවි කරලිය
මුවා කල ඇගේ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් දැහැන් ඇද
මා අබියස මැවුණු තුසිතය
සුරන් නැළවූ සුයාමය

කුමරියක පා සළඹ සැලුනා…

නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද
තලා සිඳ කම්පනය කරවයි
ළපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුළං නැලවූ සුයාමය

කුමරියක පා සළඹ සැලුනා…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply