නිම්නාදරී | Nimnadari by Dinuka Jayasinghe [2021]

නිම්නාදරී හීන අතුරා හෙමින්
දුර යන්නද ඔය හැඩ වෙන්නේ
සැඩ සාගරෙත් රළ පෙරලා ඇවිත්
ඔබ ලගමයි හිත සුව ගන්නේ

රලු වැසි පවා හිනැහී දරා
ඔබ කෝම හැඩුවා හොරෙන්
සුසුමන් ඔබේ රිදවුන් වරා
දෙව්දූ තුරුලේ නිදී..

සුලැගිල්ලේ එල්ලී පියමැන්න ඒ දිනේ
දිවුරන්න හිතුනා ඔබේ වෙන්න මතු දිනේ
කියන්න සිතූදේ කියන්න බැරිවී
ඇයිද නොහැගුනේ මගේ හැගුමබර ආදරේ
කියාගන්න බැරිවූ අහින්සක ආදරේ

රලු වැසි පවා හිනැහී දරා
ඔබ කෝම හැඩුවා හොරෙන්
සුසුමන් ඔබේ රිදවුන් වරා
දෙව්දූ තුරුලේ නිදී..

නිම්නාදරී හීන අතුරා හෙමින්
දුර යන්නද ඔය හැඩ වෙන්නේ
සැඩ සාගරෙත් රළ පෙරලා ඇවිත්
ඔබ ලගමයි හිත සුව ගන්නේ

රලු වැසි පවා හිනැහී දරා
ඔබ කෝම හැඩුවා හොරෙන්
සුසුමන් ඔබේ රිදවුන් වරා
දෙව්දූ තුරුලේ නිදී..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *