නොබලන් කුමරිය | Nobalan Kumariya by T. M. Jayarathne

නොබලන් කුමරිය නිසසල මා දෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව
කලබනු නොහැක ඉතින්

ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා
නිදහස අගයන්නෙන්
ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා
නිදහස අගයන්නෙන්
නුරා පිරුනු නෙත් වෙනතක දල්වා
සමුගත මැනවි ඉතින්

නොබලන් කුමරිය නිසසල මා දෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව
කලබනු නොහැක ඉතින්

සුපුරුදු තනිකම පාලුව
මිහිරී හිදිනෙමි සැනසිල්ලෙන්
සුපුරුදු තනිකම පාලුව
මිහිරී හිදිනෙමි සැනසිල්ලෙන්
ආදර රැහැනින් මහද වෙලන්නට
ඔබ හට නොහැක ඉතින්

නොබලන් කුමරිය නිසසල මා දෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව
කලබනු නොහැක ඉතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *