එක සිත දෙතැනක | Eka Sitha Dethanaka by T. M. Jayarathne

එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ළඟයි…මගේ ළඟයි….
ඒ සිත දෙතැනක නතර වෙලා

ලසෝ තැවුල් මැද ඔබ සැලෙනා විට
මගේ නෙත ද වැළපෙයි
සිනා තෙපුල් මැද ඔබ සැනසෙන සඳ
මගේ සිතද සැනසෙයි…



එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ළඟයි…මගේ ළඟයි….
ඒ සිත දෙතැනක නතර වෙලා

ඔබේ පැතුම මා පතනා ලොවමයි
අපේ සිතුම් සම වේ…
ඔබෙයි මගෙයි අත් වෙනසක් නොහැඟෙයි
ඔබම යලිදු හමු වෙයි…

එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ළඟයි…මගේ ළඟයි….
ඒ සිත දෙතැනක නතර වෙලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *