නොඑනා | Noena by Raveen Tharuka [2025]

Sinhala song lyrics with music notes illustration

සිනහව අතරින් මතකය ලියමින් කවියක අරුතින් මා

තාමත් අපගේ වියපත් ඇසුරේ පෙර මඟ ඇවිදිනවා

අන්සතු හදකින් සෙනෙහස විඳිමින් සැනසුන වරදින් මා

කාටත් රහසේ සුවපත් මාගේ හිත දැන් විඳවනවා

නොඑනා ඔබ සොයනා – කිසිදා මගෙ නොවෙනා

නැවතත් හිමි නොවෙනා – දිනයක අපි හමු නොවෙනා

අහසින් වැටෙනා වැහි බිඳු වාගේ නිහඬව පොළොවට මේ

කඩා හැලෙනවා කඳුලැලි මාගේ නුහුලන දෙනෙතින් මේ

නිතැතින් වැසෙනා ඇසි පිය පතුලේ නොපෙනෙන දුක අද මේ

ලියා තියෙනවා මගෙ හිත පතුලේ නොකිළිටි සෙනෙහස මේ

නොඑනා ඔබ සොයනා – කිසිදා මගෙ නොවෙනා

නැවතත් හිමි නොවෙනා – දිනයක අපි හමු නොවෙනා

තරුවක් නොඑනා අහසක රිසිසේ පායන සඳ ලෙස මේ

හඬා වැටෙනවා තනිකම පහසේ ඔබ නැති ලොව අද මේ

කිසිවක් නොහනා අප සිත් අතරේ ඇති මහ සෙනෙහස මේ

ලියා මියෙනවා අපිටම සසරේ නොලැබෙන බව දැන මේ

නොඑනා ඔබ සොයනා – කිසිදා මගෙ නොවෙනා

නැවතත් හිමි නොවෙනා – දිනයක අපි හමු නොවෙනා

written by  Thushan Silva

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply