in Raveen Tharuka, Thushan Silva

නොඑනා | Noena by Raveen Tharuka [2025]

සිනහව අතරින් මතකය ලියමින් කවියක අරුතින් මා

තාමත් අපගේ වියපත් ඇසුරේ පෙර මඟ ඇවිදිනවා

අන්සතු හදකින් සෙනෙහස විඳිමින් සැනසුන වරදින් මා

කාටත් රහසේ සුවපත් මාගේ හිත දැන් විඳවනවා

නොඑනා ඔබ සොයනා – කිසිදා මගෙ නොවෙනා

නැවතත් හිමි නොවෙනා – දිනයක අපි හමු නොවෙනා

අහසින් වැටෙනා වැහි බිඳු වාගේ නිහඬව පොළොවට මේ

කඩා හැලෙනවා කඳුලැලි මාගේ නුහුලන දෙනෙතින් මේ

නිතැතින් වැසෙනා ඇසි පිය පතුලේ නොපෙනෙන දුක අද මේ

ලියා තියෙනවා මගෙ හිත පතුලේ නොකිළිටි සෙනෙහස මේ

නොඑනා ඔබ සොයනා – කිසිදා මගෙ නොවෙනා

නැවතත් හිමි නොවෙනා – දිනයක අපි හමු නොවෙනා

තරුවක් නොඑනා අහසක රිසිසේ පායන සඳ ලෙස මේ

හඬා වැටෙනවා තනිකම පහසේ ඔබ නැති ලොව අද මේ

කිසිවක් නොහනා අප සිත් අතරේ ඇති මහ සෙනෙහස මේ

ලියා මියෙනවා අපිටම සසරේ නොලැබෙන බව දැන මේ

නොඑනා ඔබ සොයනා – කිසිදා මගෙ නොවෙනා

නැවතත් හිමි නොවෙනා – දිනයක අපි හමු නොවෙනා

written by  Thushan Silva

Leave a Reply