in Athula Adhikari

නුඹ ඇවිත් යන්න | Numba Awith Yanna by Athula Adhikari

නුඹ ඇවිත් යන්න
පාළුවට ගිය හිත පුරා
හුරු පුරුදු සුවදින්
මගේ වන්නට නොහැකිනම්
ආයෙත් නුඹ ඇවිත් යන්න

නුඹ ඇවිත් යන්න
පාළුවට ගිය හිත පුරා
හුරු පුරුදු සුවදින්
මගේ වන්නට නොහැකිනම්
ආයෙත් නුඹ ඇවිත් යන්න

එකෝමත් එක දුරාතීතෙක
එකම එක දවසක් හමුවුනා
නුඹ කියා නොකියා තියා ගිය
හතවතේ එක පැතුමක්

සොයා වෙහෙසුන මගේ නෙතු අග
තබා කදුළු අහුරක්
ලංවුනා මල තලා නොතලා
නෙලා ගන්නට පින් පිරූ බඹරෙක්

මගේ වන්නට නොහැකිනම්
ආයෙත් නුඹ ඇවිත් යන්න
නුඹ ඇවිත් යන්න
මගේ වන්නට නොහැකිනම්
ආයෙත් නුඹ ඇවිත් යන්න

banner

Leave a Reply