ඔබයි ආදරී | Obai Aadari by Dimi3 ft. Jizzy & Amizio [2020]

Sinhala song lyrics with music notes illustration

ඈ දුහුල් සලුව සලා
මේ මදෙස හොරෙන් බලා
පිණි කොපුල හෙමින් පෙලා
මට අමුතු දෙයක් කලා

පෙම් අමා සුවේ පාලා
සත් මහල් සිහින සදා
පල නොකියා පලා බෙදා
කොයි යන්නේ මාව දාලා ?

දෙනෙතක නැකත වෙලා
වෙලෙනට ලකුනු යොදා
ආඩම්බරේට ඇයි ඉන්නෙ ආදරී ?

වෙනතක තකනු එපා
පණ වගේ ඔයා ..
හදවතම දවන පදම හොඳම රසම හැඟුම ඔබයි ආදරී..

හැම රෑම රෑම මවනව මම සුන්දරතම සිහින
ඈ ගැන
පේන පේන හැම හීනෙම කලුයි සුදුයි ඈ..

ඇති උනාට ඒ හැඟීම නවත්තන්න ඈ ගැන
ගේන ගේන හැම රසක්ම අලුත් එකක් හෑ,,

කප්පරකට මල් දෙන්න
මත්තලටම පොල් දෙන්න
මම පොහොසත් නෑ,

ඉන්නැත්තම් යන්න
යන්නැත්තම් ඉන්න
වැඳන් එන්න බෑ

ඒත් උනා උඹට මෙල්ල
උඹ තමයිනෙ ඒ කෙල්ල

එච්චරටම ගල් වෙච්ච මං මෙච්චර මල් වෙන්න
තව හිතකට ලං වෙන්න
බොන්නැතුව මත් වෙන්න
උඹෙන් දැක්කෙ මොනවද මං තාම දන්නෙ නෑනෙ ආදරී

මුසපත් වෙලා
නොදැනී රෑ එලිවෙලා
පොඩි සුසුම් පොදක් හෙලා
තව අමුතු එකක් කලා

කෙල්ලෙ ඇයි උඹ බය වෙලා ?
මගෙ අස්සේ ගුලි වෙලා
උඹ අතහැර යාවි කියා
හිතුවද දැන් උඹ සුදා

written by Dimi3

favorite song lyrics,lyrics,toosii lyrics,cupid lyrics,favorite song toosii lyrics,toosii favorite song lyrics,favorite song lyrics toosii,cupid twin version lyrics,lyrics cupid,lyrics toosii,toosii lyrics favorite song,feeling lonely,cupid fifty fifty lyrics,fifty fifty cupid lyrics,favorite song toosii,lyrics favorite song,cupid song,music,hopeless romantic,someone to tell you your beautiful toosii,i’m feeling lonely,favorite song

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply